Health
අන් අය පවසන දේ තේරුම් ගන්නට නොහැකිද?
ඇසට - රූපයල නාසයට - ගන්ධය මෙන්ම කනට ඝෝචර වන්නේ ශ්රවණයයිග සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට මෙම විිවිධ ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරිත්වය නිවැරදිව නිරවුල්ව පැවතීම ඉතා වැදගත් වේග එසේ නොමැති වීමෙන් පුද්ගලයාට ජීවත්වීමෙන් තරමක් දුරට ගැටලුකාරී විය හැකියිග එසේ වුවත් උපතින් යම් යම් ඉන්ද්රියයන්ගේ දුර්වලතා සහිත විවිධ පුද්ගලයන් සිටිය හැකියිග ඔවුන්ට එම ඌනතා සම්පූර්ණ කර ගැනීමට නවීන තාක්ෂණයේ උපකාරීත්වයක් ලබා ගැනීමට සිදු වේග නමුත් එවැනි උපකාරීත් ලබා ගැනීමටත් පෙර අදාළ පුද්ගලයාට තිබෙන දුර්වලතාව කුමක්දැයි නිසි ආකාරව හඳුනාගත යුතු වේග
විශේෂයෙන් ශ්‍රවණ උපකරණ තාක්ෂණය පිළිබඳ කතාබහ කරන විට එහි ඉදිරියෙන්ම පවතින ප්‍රතිකාර ක්‍රමය වන්නේ කර්ණශංඛ බද්ධ ක්රමයයිග මේ පිළිබඳවල ආචාර්ය මිහිර වික්‍රමාරච්චි සමඟ කරන ලද කතාබහේදී ඕනෑතරම් ඔබව දැනුවත් කර ඇත්තෙමුග මේ කෙසේ වුවත් වඩාත් වැදගත් වන්නේ අදාළ පුද්ගලයන්ගේ ශ්‍රවණ ආබාධය නිවැරදිව හඳුනා ගැනීමයිග එවැනි ශ්‍රවණ ආබාධිත පුද්ගලයන් අතුරින් කර්ණශංඛ බද්ධ සැත්කමට සුදුසු වැඩිහිටි පුද්ගලයන්ගේ දැකිය හැකි ලක්ෂණ එසේ නැත්නම් දුර්වලතා මොනවාදැයි උදාහරණ අවස්ථා ආශ්රයෙන් පැහැදිලි කළ හැකි වේග
මේ වනවිටත් ඔබ ශ්‍රවණ ආධාරක උපකරණයක් භාවිතය කරන අයෙක් නම් ඔබටත් පහත දැක්වෙන ශ්‍රවණ දුර්වලතා තිබෙනවාදැයි විමසිලිමත් වන්නග යම් අවස්ථාවකදී ඔබ නිශ්ශබ්ද කාමරයක සිටින විටදී පවා යම් අයෙක් ඔබට පැවසූ දෙයක් නැවත පවසන ලෙස ඉල්ලා සිටිනවා නම් ඒ ශ්‍රවණ දුර්වලතාව කර්ණශංඛ බද්ධය සඳහා ඔබ සුදුස්සෙක් බව අඟවන ලක්ෂණ වේග
තවද ඔබට ඉතා සමීප නෑදෑ හිතවතුන් සමඟ පමණක් දුරකථනයෙන් කථා කිරීමේදී තේරුම් ගැනීමට හැකි නම් හා ඔබට නුපුරුදු අයගේ ශබ්ද තේරුම් ගැනීම අපහසු නම් එම ලක්ෂණය ද ඔබ කර්ණශංඛ බද්ධයට සුදුස්සෙක් බවට හෙළිවන ලක්ෂණයකිග
සිතන්න ඔබ යම් පිරිසක් සමඟ සාකච්ඡාවක නිරතවනවා කියාල එහිදී ඔවුන් කථාබහ කරන දේවල තේරුම් ගැනීමට ඔබට ඔවුන්ගේ තොල් චලනය කෙරෙහි අවධානය යොමු කරන්නට සිදු වෙනවා නම් එය තවත් ඉහත පැහැදිලි කළ අවස්ථාවට ඔබ වඩාත් සුදුසු බවට අඟවන ලක්ෂණයකිගආපනශාලාවකදී ඔබගේ මිතුරන් සමඟ ආහාර පානාදිය ලබා ගන්නා අතරතුර කථා කිරිම නරක පුරුද්දක්ග නමුත් එවැනි විටෙකත් ඔබට ඔවුන් පවසන දේ තේරුම් ගැනීම අපහසු නම් එය ඔබගේ ශ්‍රවණ තත්ත්වයේ දුර්වලතා අඟවන තවත් ලක්ෂණයක් බව මතක තබා ගත යුතුයිග
ඉහත අවස්ථාවලදී හැරුණු විට අන් අය පවසන දේ ඔබට තේරුම් ගැනීමට නොහැකි වීම නිසා ඇතැම් විට ඒවාට වැරදි ප්‍රතිචාර දැක්විය හැකියිග එසේත් නැතිනම් එසේ ප්‍රතිචාර දැක්වීමට ඇති බිය නිසා ඔබ සමාජීය ක්‍රියාකාරකම් වලින් වැළකී සිටිනවා නම් එය ඔබ කර්ණශංඛ බද්ධය සඳහා යොමුවිය යුතු බවට අඟවන තවත් ලක්ෂණයකිග
මීට අමතරව ඔබ නරඹන රූපවාහිනී වැඩසටහන් උපසිරස් යොදන ලද ඒවා නම් පමණක් නම් එමඟින් ද අදහස් වන්නේ ඔබගේ ශ්‍රවණ තත්ත්වයේ පවතින දුර්වල බවයිග
පරිසරයේ තිබෙන අපූර්වත්වය විදින්නට අපගේ ඉන්ද්රියයන් මඟින් ලැබෙන්නේ පුදුමාකාර සහයෝගයක්ග එම ඉන්ද්රියයන් අතරින් අපගේ ශ්‍රවණයට හිමිවන්නේ වඩාත් වැදගත් ස්ථානයක්ග නමුත් තවදුරටත් කුරුලු නාදය ඔබට නොඇසෙනවා නම් එය ඔබගේ රස වින්දනයට බාධාවක් විය හැකියිග නමුත් එයම ඔබගේ ශ්‍රවණයේ බරපතළ ගැටලුවක් ඇති බවට ලක්ෂණයකිග නමුත් කර්ණශංඛ පද්ධති බද්ධය නිසා දුරකථනයෙන් කථා කිරීමල කණ්ඩායම් සාකච්ඡාවලට සහභාගී වීම නාට්‍ය හා සිනමා දර්ශන නරඹා රසවිඳීම ආදිය යථාර්ථයක් බවට පත් කර ගැනීම තවදුරටත් ඔබට සිහිනයක් නොවේ
curtesy :
dinamina.lk